
කුළුබඩු මෙරට ප්‍රධාන අපනයන භෝග බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. බත්තරමුල්ලේදී පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
මෙරට ප්‍රධාන කුලුබඩු වර්ග 4ක සිතුවම් ඇතුළත් මුද්දර සහ සිහිවටන පත්‍රිකාව එළිදැක්වීමේ උත්සවයක් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුදු, ගම්මිරිස් ,කරාබුනැටි සහ සාදික්කා යන කුළුබඩුවල සිතුවම් ඇතුළත් මුද්දර 4 ක් මෙහිදී නිකුත් කෙරුණා. අමාත්‍ය එම් එස් අබ්දුල් හලීම් මහතා මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment