
කළුතර ගල්ලස්ස ප්‍රදේශයේ මාතෘ හා ළමා රෝහලේ ඉදිකිරීම් මේ දිනවල කඩිනමින් සිදු කෙරෙමින් පවතිනවා. ඒ සදහා රුපියල් මිලියන හාරදහස් හයසිය පහක් වැය කෙරෙනවා.
මහල් අටකින් සමන්විතවයි මෙම මාතෘ හා ළමා රෝහල ඉදිකෙරෙන්නේ. ශල්‍යාගාර,හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක, සූතිකාගාර සහ දැඩි සත්කාර ඒකකයක් ඇතුළු සියලු පහසුකම්වලින් එය සමන්විත වනු ඇති. ලබන වසරේ මාර්තු මාසය වන විට මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි. නව රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්.
Post a Comment