
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පලා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් හත් දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. බරපතල තුවාල ලැබූ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොල්ලුපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල ප්‍රදේශයේ තිබී සොයා ගැනුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු අට දෙනෙකුගෙන් බම්බලපිටිය පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත්තා. අනතුරුව සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගත්තේ. එහිදී රියදුරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සෙසු සැකකරුවන් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. බරපතල තුවාල ලැබූ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබනවා.
සමන්ධි සමරකෝන් – නියෝජ්‍ය අධ්‍යක්ෂ- ජාතික රෝහල,
Post a Comment