
ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු අතුරුදන්ව තිබෙනවා.
සිය මිත්තණිය සමග ළදරු පාසලට යාම සදහා නිවසින් පිටත්ව ගියද පාසල වෙත නොපැමිණි බව ළදරු පාසල් පාලිකාවන් දරුවාගේ මවට දැනුම් දී තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ විධායක නිලධාරී වශයෙන් කටයුතු කරන ලුතිනන් කමාන්ඩර් උදයවීර කුමාරතුංග මහතාගේ පුත්‍රයායි. රිසිදු කතිලක කුමාරතුංග දරුවා මෙන්ම මිත්තනිය සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කුමන හෝ තොරතුරක් දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ. දුරකන අංක 0763 44 91 66 ට තොරතුරු දැනුම් දිය හැකි බවයි දරුවාගේ පියා පවසන්නේ.
Post a Comment