
උතුරු කොරියා නායක කිම් ජොන් උන් වියෙට්නාමයට පැමිණ තිබෙනවා. ඒ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පැවැත්වීම සදහායි.
ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර දෙවන හමුව හෙට දීනයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුවයි උතුරු කොරියා නායකයා වියට්නාමයට පැමිණ තිබෙන්නේ. ඔහු ඩොංඩැංග් දුම්රිය ස්ථානයට විශේෂ දුම්රියකින් පැමිණියා. ඔහු පිලිගැනීම සදහා විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබුණා. ඔහුගේ පිලිගැනීමේ උත්සවය සදහා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ වියට්නාමයට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment