Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යම පළාතේ පිහිටි විශාලතම අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ශාලාව යළි විවෘත කරන්නැයි ජනතාව ඉල්ලයි  

Add comments

දැනට වසා දමා ඇති මධ්‍යම පළාතේ පිහිටි විශාලතම අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ශාලාව යළි විවෘත කර දෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිනවා. එමගින් විශාල පිරිසකට රැකියා අවස්ථා උදා වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මහනුවර ගලගෙදර නියංගොඩ පිහිටි මෙම පේෂකර්ම මධ්‍යස්ථානය වසා දමා මේ වන විට වසර 5 ක් පමණ වනවා.

මෙය 1970 වසරේ අගභාගයේදී ආරම්භ කළ අතර එමගින් දෙසිය දෙනෙකුට අධික පිරිසකට රැකියා ලැබී තිබුණා.

මේ වන විට එක් කම්කරුවෙකු පමණක් මෙහි සේවයේ යෙදී සිටින අතර ඔහුද එම සේවාව ඉටු කරන්නේ වැටුප් ලැබීමකින් තොරවයි.

ජාතික ආර්ථිකයට ශක්තියක් වෙමින් මෙම කර්මාන්තය තුළින් ඉහළ ආදායමක් ඉපැයිය හැකි බව ප්‍රදේශයේ පදිංචිකරුවන් පෙන්වා දෙනවා.

රජයේ අවධානය යොමු කර යළි මෙම කර්මාන්තශාලාව විවෘත කර දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG