
න්‍යෂ්ටික මිසයිල පිටුදැකීම සඳහා රුසියාව සමඟ ඇති කරගත් ගිවිසුමෙන් ඉවත් වන බව ඇමරිකාව නිවේදනය කළා.
රුසියාව ගිවිසුම උල්ලංගනය කිරීම හේතුවෙන් තීරණයට එළඹි බවයි ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නිවේදනය ප‍්‍රකාශයට පත්කරමින් ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කළේ.
ගිවිසුමට අත්සන් තැබුවේ 1987 වසරේදී. ගිවිසුමෙන් කිලෝමීටර 5500 ක් දක්වා දුරකට එල්ල කළ හැකි මිසයිල අත්හදා බැලීම සහ නිෂ්පාදනයෙන් වැළකී සිටීමට රුසියාව සහ ඇමරිකාව එකඟවී තිබුණා.
Post a Comment