Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේවහුව ජලාශයේ සොරොව්ව පිලිසකර නොකිරීමෙන් ගොවිජනතාව දැඩි දුෂ්කරතාවක  

Add comments

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි දේවහුව ජලාශයේ සොරොව්ව කැඩී මාස කිහිපයක් ගත වුවද යලි පිලිසකර නොකිරීම හේතුවෙන් ගොවිජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා. සොරොව්ව කඩිනමින් පිලිසකර නොකළ හොත් ගොවිබිම් රැසක් විනාශයට පත් වන බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

දේවහුව ජලාශයේ සොරොව්ව අබලන්වීම හේතුවෙන් දිනකට ජලය අක්කර අඩි 25 ක පමණ ජල ධාරිතාවක් ප්‍රයෝජනයට ගත නොහැකි පරිදි අපතේ යමින් පවතිනවා. මේ ‍හේතුවෙන ලබන කන්නයේ වගා කටයුතුවලදී ජල හිගයක මුහුණ දීමට සිදු විය හැකි බවයි ගොවි ජනතාව පවසන්නේ.  මේ සම්බන්ධයෙන් වාරිමාර්ග නිලධාරීන් දැනුවත් කළද මේ වන තෙක් ඒ සදහා නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ජනතාව චෝදනා කරනවා.ජලාශය යටතේ වගාකරන කුඹුරුවල අස්වනු නෙලීමද ආරම්භ වී තිබෙනවා.  පහල ප්‍රදේශයට ගලා එන ජලය හේතුවෙන් අස්වැනන් නෙලීමේ දුෂ්කරතා ද මතු වී තිබෙනවා. ජලාශ භාර නේවාසික ඉංජිනේරු පී.ජි. රත්නසිරි මහතා ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් වාරිමාර්ග ඉංජිනේරුවරුන්ට දැනුම් දි ඇති බවයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG