Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“පාරිශුද්ධ නම් ඔප්පු කරන්න” බුද්ධිකගෙන් ප‍්‍රකාශයක්  

Add comments

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැතිඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට ප්‍රකාශ වීමත් සමග බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුවුණා. ඒ සමග විෂ මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු කෙරෙන පරික්‍ෂාවකට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද අද පෙනී සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කොකේන් හෝ විෂ සහිත මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට තහවුරු කිරීම සඳහා රසායනාගාර පරික්‍ෂාවකට මුහුණ දුන්නේ සිය නිවසේදීයි. පෞද්ගලික රෝහලකින් පැමිණි කණ්ඩායමක් එම පරික්‍ෂාව සිදු කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනෙකුට මෙම චෝදනාව එල්ල වෙද්දී තමන් නිවැරදි බව ඔප්පු කිරීම මහජන නියෝජිතයින්ගේ යුතුකම බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG