
බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ඩුබායි දක්වා පියාසර කරමින් තිබූ මගී ප්‍රවාහන ගුවන් යානයක් පැහැරගැනිමට උත්සාහ දැරූ පුද්ගලයකු බංග්ලාදේශ ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා.
බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයකුයි මෙසේ පැහැර ගැනීමට උත්සාහ දරා ඇත්තේ. ගුවන් යානය පැහැරගැනීමට තැත්කල පුද්ගලයා සතුව ගිනිඅවියක් ද තිබූ බව සදහන්. ඔහු විදේශ ජාතිකයකු බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ. ඔහුගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ. පැහැර ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී ගුවන්යානය තුළ මගීන් 148 දෙනෙකු ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත් ගුවන් යානය බංග්ලාදේශයේ චිතගොන් ගුවන්තොටුපලට ගොඩ බැස්වීමට එහි නියමුවා සමත් වුණා.
Post a Comment