Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා වරාය අධිකාරියට ජාත්‍යන්තර සම්මානයක්  

Add comments

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් 2019  වසරේ වරාය අධිකාරිය සම්මානය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවුණා.

5 වන ග්ලෝබල් පෝර්ට් ෆෝරම් සම්මාන උළෙල ඩුබායි හිදී පැවැත්වුණා. රටවල වරාය සහ පර්යන්ත පිළිබද සාර්ථකත්වය ඇගයීමට ලක්කරමින් අංශ ගණනාවක් යටතේ සම්මාන ප්‍රදානය කිරීමට මෙම උළෙලේදී කටයුතු කෙරුණා.

මෙම සම්මානය පසුගිය වසරේදී ද ශ්‍රී ලංකාව හිමිකර ගැනීම විශේෂත්වයක්. සැළසුම්සහගත ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබද මෙම සම්මානය පිරිනැමීමේ දී විශේෂයෙන් සළකා බැලෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතා ද මෙම ජයග්‍රහණය පිළිබද සිය සුබපැතුම් එක්කර තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුන්අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස්කර ඇති අතර එමගින් ඉදිරි කාලය තුළදී වරාය සංවර්ධන කටයුතු වඩාත් වේගවත් කිරීම අරමුණයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG