
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ දැරූ බීඩි කොළ කිලෝග්‍රෑම් දහසක් රාමේෂ්වරම් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙම බීඩි කොළ මෙරටට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවයි රේගු නිලධාරීන් පවසන්නේ.
මෙම බීඩි කොළ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ඉන්දීය රේගුව අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ තමිල්නාඩුව අතර සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවුණා.
Post a Comment