
මාතර ඇමෙරිකා පියස මධ්‍යස්ථානය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එය මෙරට ආරම්භ කළ හතරවන ඇමෙරිකානු පියසයි.
ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර පවත්නා සුහදතාව තහවුරු කිරීම අරමුණුකර ගනිමින් දිවයිනම ආවරණය වන පරිදි ඇමෙරිකානු පියස මධ්‍යස්ථානය පිහිටුවීමට සැළසුම්කර තිබෙනවා.
ඒ යටතේ මාතර ඇමෙරිකානු පියස ආරම්භ කෙරුණේ අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ හා ශ්‍රී ලංකා හා මාලදිවයිනේ ඇමෙරිකා තානාපතිනි ඇලයිනා බිටෙප්ලිට්ස් යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන්.
මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනික වැඩසටහන්, ඉංග්‍රීසි භාෂා දැනුම මෙන්ම සාමාජීය වැඩමුලු මෙහිදී පැවැත්වෙනවා. රැකියා වෙළෙදපොල බලගැන්වීමද මෙහි එක් අරමුණක්.
Post a Comment