Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවරයන්ට සහ නාවිකයන්ට දැනුම් දීමක්  

Add comments

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සහ තද සුලං පිළිබඳ විශේෂ දැනුම්දීමක් සිදුකළා. ඒ අද පෙරවරු 11 සිට රාත‍්‍රී 11 දක්වා බලාත්මක වන පරිදියි.

මාතර සිට මඩකලපුව දක්වා මුහුදු ප‍්‍රදේශාශ‍්‍රිතව තද වැසි සහ තද සුලං පැවතිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දිවයිනට ගිනිකොන දෙසින් වන මුහුදු ප‍්‍රදේශයේ පවතින ක‍්‍රියාකාරි වලාකුළු පද්ධතියයි ඊට හේතුවවී තිබෙන්නේ. සුලං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70 ත්, 80 ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව එම මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි බව ද දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි ඔවුන් ධීවර සහ නාවික ප‍්‍රජාවට දැනුම්දෙන්නේ.

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට පස්වරුවේදී වැසිහටගත හැකි බව කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පෙන්වා දෙනවා. අකුණු අනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG