Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා උතුරු කොරියා දෙවන සමුළුව අද සිට  

Add comments

ඇමරිකා උතුරු කොරියා දෙවන සමුළුව අද(27) සිට ආරම්භ වනවා. ඒ සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජෝන් උන් වියට්නාමයට ළඟා වුණා.

අද(27) සහ හෙට (28)දෙදින තුළ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමයි සැලැස්ම. මෙටේ‍්‍රාපෝල් හෝටලයේදී නායකයන් දෙදෙනා පමණක් සහභාගී වන විනාඩි 20ක සාකච්ඡාවක් සංවිධාන කර ඇති බවයි වියට්නාම් වාර්තා සඳහන් කළේ.

විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ද ආරම්භ කර තිබෙනවා. දෙරට අතර පළමු සමුළුවේ දී ඇතිකර ගත් එකඟතා පිළිබඳවයි මුලික අවධානය යොමු වන්නේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG