Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රන්ජන්ට එරෙහි නඩුව ලබන මාසයේ යළි කැදවයි  

Add comments

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ලබන මස 13 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

රූපවාහිනි නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශයකින් මෙම අපහාසය සිදුව ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ගැන ගොනුකළ මුලික පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතිත්දී ඊට අදාල ප‍්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවටයි චෝදනා ඔස්සේ කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ.

ඊට අදාල නඩු විභාගය ප‍්‍රියන්ත ජයවර්ධන මහතා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (26) කැදවනු ලැබුවා. චෝදනාවලට එරෙහිව මුලික විරෝධතා ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවයි එහිදී රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරයා දන්වා සිටියේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG