
උතුරු පළාත තුළ ඉස්සන් වගාව සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. මේ නිසා උතුරේ ධීවරයින්ගේ අතමිට සරු වී ඇති බවයි අපට වාර්තා වන්නේ.
උතුරු පළාතේ වැව් ආශ්‍රිතව ඉස්සන් බෝ කිරීම සාර්ථකව සිදු කෙරෙන ආකාරය දැක ගත හැකියි. ඒ හේතුවෙන් ඉස්සන් වගාකරුවන්ට ඉහළ ආදායමක් ලැබෙමින් පවතිනවා. මිරිදිය ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් දහසත් එක්දහස් දෙසීයත් අතර මිලකට එම ස්ථානවලදීම මිලදී ගැනීමට වෙළෙදුන් පැමිණෙනවා. වව්නියාව හා මුලතිව් යන දිස්ත්‍රික්වල වැව් රැසකම මිරිදිය ඉස්සන් වගාව සාර්ථකව සිදු කෙරෙනවා. පසුගිය වසර වල පැවති දැඩි නියං කාලගුණය හමුවේ මිරිදිය ධීවරයන්ගේ ජීවනෝපායට බාධා එල්ල වුණා. නමුත් රජයේ මැදිහත්වීමෙන් මත්ස්‍ය පැටවුන් නොමිලේ බෙදා හැරීමත් සමග ඔවුන්ගේ ආදායම සරු වී ඇති බවයි උතුරෙන් වාර්තා වන්නේ.
Post a Comment