Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපතිගේ රුව චිත‍්‍රයට නැඟු පිලිපීන චිත‍්‍ර ශිල්පියාට ජනපතිගෙන් සමරු තිළිණයක්  

Add comments

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය දා පිලිපීනයේ කළ සංචාරයේ දී පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ජනාධිපතිතුමාගේ රුව රැගත් ආලේඛ්‍ය චිත‍්‍රයක් පිළිගන්වන ලදී.
එම චිත‍්‍රය නිර්මාණය කළ පිලිපීනයේ සුප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පී Ranilo Abayan මහතා පසුගියදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර සිය සංචාරය නිමකර නැවත මවු රට බලා ගමන් කරන ඒ මහතා හමුවීමට ඊයේ (24) පස්වරුවේ ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගියේ ය.

මෙහි දී ජනාධිපතිතුමා විසින් Ranilo Abayan මහතා වෙත විශේෂ ස්තුතිය පළ කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

මෙම අවස්ථාවට පිලිපීන කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG