
මෙරට ධීවර වරායන් සංවර්ධනය සඳහා ශක්‍යතා අධ්‍යයනයට ප‍්‍රංශය යුරෝ හය ලක්ෂ පනස් දහසක මූල්‍ය ප‍්‍රදානයක් සිදුකර තිබෙනවා.
ඒ සඳහා ගිවිසුමට අත්සන් තැබීම සිදුකළ බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. ශක්‍යතා අධ්‍යයනය මාස 9 කින් අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ගාල්ල, බේරුවල, පුරන්වැල්ල සහ කුඩාවැල්ල වෙරළ තීරයන්හි පිහිටි ධීවර වරායන් මුල්කර ගනිමින් ශක්‍යතා අධ්‍යයනය සිදුකරන බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.
Post a Comment