
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශ්වය එකගතාවකට පැමිණ තිබෙනවා. මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනිමට දෙපාර්ශ්වය එකග වී ඇති බවයි එම පාර්ශ්වයන් කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛනයක් මා්‍ය වෙත ඉදිරිපත් කර ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරත වූ බවටයි තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව කොටුව මහාධිකරණය හමුවේ අද යළි කැදවූවා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම අධිචෝදනා ඉවත් කර ගැනිම සම්බන්ධයෙන් විත්ත පාර්ශ්වය නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි. නඩුව සමථයකින් අවසන් කර ගැනීමට නඩුවේ පළමු සාක්ෂිකරු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. කෙසේ වෙතත් නඩු කටයුතු අවසන් කර ගැනීම සමාව අයදීමකින් සිදුවේද වෙනත් ක්‍රමයකින් සිදුවේද යන්න දැන ගැනීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළා. නඩුවෙ දෙවන සාක්ෂිකරු වන ජනාධිපතිතුමාගේ ස්ථාවරය දැනගැනීමට නඩුවේ වත්මන් තත්ත්වය ජනාධිපතිතුමා වෙත ලිඛිතව දැනුම් දීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී සදහන් කළේ. මෙම නඩුව කෙටි ක්‍රමයකින් සමාව අයදීමකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බව තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පැවසුවා. මෙම සමථවීම සම්බන්ධයෙන් ප්‍රගතිය දැනගැනීමට නඩුව මාර්තු මස 25 වනදා කැදවීමට නියමිතයි.
Post a Comment