
මෙරට කාර්මික නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 109 දශම බිංදුවක් ලෙස වාර්තා වුණා. කාර්මික නිෂ්පාදන දර්ශකය ආර්ථික වර්ධකය මෙහෙයවන ප්‍රධාන මිනුමක් වනවා. දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සහ බීම වර්ග නිෂ්පාදනය මෙන්ම ලෝහ නිෂ්පාදනයද කැපී පෙනෙන ලෙස ඉහළ ගිහින්. ආහාර නිෂ්පාදන අංශයෙහි ද වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙම අංශයන්හි වර්ධනය කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළ යාමට විශේෂයෙන් බලපෑ බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරන්නේ.
Post a Comment