Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් දිවයිනට රැගෙන ඒමේ උත්සාහයක්  

Add comments

ඩුබායි හි දී අත්අඩංගුවට පත් ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා දිවයිනට රැගෙන ඒමට උපරිම උත්සාහයක නිරත වන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට එහි ගොස් සිටින නීතිඥවරුන් පවසනවා.

මෙම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර බේරා ගැනීම අපේක්ෂාවයි. යම් හෙයකින් අධිකරණයට ඉදිරිපත් කළහොත් ඇප ලබා ගැනීමට හෝ අධිකරණයේ දඩුවම් නොකර ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීම සදහා නීතිමය උත්සාහයන් ගනිමින් සිටින බවද අදාළ නීතිඥවරුන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් සමග අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා අත්අඩංගුවට පත්වූයේ ඩුබායි හි හෝටලයක පැවති සාදයකදීයි. පසුව අත්අඩංගුවට ගත් අංගො ලොක්කා නමැති අපරාධ කල්ලි සාමාජිකයාද මෙතෙක් අධිකරණයකට ඉදිරිපත් කර නැහැ. ඔවුන් සියලු දෙනාම ඩුබායි පොලිසිය මගින් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG