Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මේ වසර ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් – ජනපති පවසයි  

Add comments

මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක් බවට මෙම වසර පත්කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයට එක්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරාධනය කරනවා. ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදුකළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමින්.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමශක්ති ජාතික වැඩසටහන හා ඒ ආශ්‍රිතව පොදුජනතා සුබසිද්ධිය සඳහා ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළව මේ වසරේ ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද පැවැත්වුණා. ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වන විට සාර්ථකව දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් දුගී බව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මේ වසරේදී එය තවදුරටත් පුළුල් කිරීම ජනාධිපතිතුමාගේ අපේක්‍ෂාව වනවා. එම අරමුණ පෙරදැරිව ලබන 18 වනදා සිට 24 වනදා දක්වා සතිය ප්‍රකාශයට පත්කර ඇත්තේ ග්‍රාමශක්ති ජාතික සතිය ලෙසයි. එහිදී මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන , වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන , පරිසර සංරක්‍ෂණ ජාතික වැඩසටහන , දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුලු තවත් වැඩසටහන් රැසක් මෙම වසර තුළ පුළුල් කිරීමට අපේක්‍ෂා කෙරෙනවා. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් තිරසර අරමුණු ජයගත් හා 2025 වන විට දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේක්‍ෂාව පෙරදැරිව ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. මෙම ජාතික වැඩසටහන් පිළිබඳ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය යාන්ත්‍රණය තවදුරටත් දැනුවත් කරමින් 2019 නව ඉලක්ක සහිත වැඩපිළිවෙළ හඳුන්වා දීම අද පැවති හමුවේදී සිදුකෙරුණා. මෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ ගස් කැපීමට භාවිත කරන කුඩා ප්‍රමාණයේ චේන් ෂෝ යන්ත්‍රවල සිට විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දක්වා සියලු යන්ත්‍රවලට අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට චක්‍ර ලේඛයක් නිකුත් කරන බවයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG