Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලාල් කාන්ත 14 වනදා දක්වා රිමාන්ඩ්  

Add comments

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

ලාල් කාන්ත මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු  ධාවනය කළ රථයේ යතුරුපැදියක්  ගැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙනුයි. යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක හා ඥාති දියණියක බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

ලාල්කාන්ත මහතා බීමත්ව සිටි බවද පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් ලාල් කාන්ත මහතා අද(02) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගත්තා. ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගා ගත කරන ලෙසයි අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය නියෝග කළේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG