Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ජනපති සටනට බර්න් සැන්ඩර්ස්  

Add comments

ඇමරිකා සෙනට් සභික බර්නි සැනඩර්ස් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ප‍්‍රකාශ කළා. දේශපාලන විප්ලවයක් සිදුකිරිමට ඔහු පොරොන්දු වි ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

නිව්යෝර්ක්හිදි සිය ආධාරකරුවන් අමතමින් සැන්ඩර්ස් වර්තමාන ජනාධිපතිවරයා පිළිබදව ද අදහස් පලකර තිබෙනවා. ඒ ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා මෑත ඉතිහාසයේ බිහි වු අතිශයින්ම භයානායක ජනාධිපතිවරයා ලෙස හදුන්වා දෙමින්. 77 හැවිරිදි බර්නි සැන්ඩර්ස් 2016 වසරේදී ද ඇමරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂාවෙන් පසු වුවද එම අවස්ථාව අහිමිව ගියා. එහෙත් මෙවර වඩාත් ශක්තිමත් පදනමක් සහිතව මැතිවරණයට ඉදිරිමත් වීමට ඔහු සුදානම් වන බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

තමා ජනාධිපතිවරයා ලෙස තේරි පත්වුවහොත් ඇමරිකා සමාජයේ සිදුකරන වෙනස්කම් කිහිපයක් පිළිබඳව ද සැනඩර්ස් මේවනටත් ප‍්‍රකාශ කර අවසන්. සැම ඇමරිකානුවෙකුටම රැකියා සහතිකයක් ලබාදීම, අවම වැටුප දෙගුණ කිරිම, සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරිම, නොමිලේ අධ්‍යාපනය ලබාදෙන විද්‍යාල සහ විශ්වවිද්‍යාල ඇති කිරිම ද ඒ අතරින් ප‍්‍රධානයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG