Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නිර්දේශ නාමයන් අතර ITN පෙරමුණේ  

Add comments

2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය කොළඹදී පැවැත්වුණා. අයිටීඑන් රූපවාහිනිය මෙවර සම්මාන රැසක් සදහා නිර්දේශවී තිබෙනවා.

රයිගම් ටෙලීස් පළිගු ජුබිලිය තේමා කරගනිමින් මෙවර සම්මාන උළෙල පැවැත්වෙනවා. විවිධ සම්මාන සදහා ඉල්ලුම්පත් 634 ක් ලැබී තිබුණා. ඉන් 119 දෙනෙකු මෙවර නිර්දේශීත නාම ලාභීන් බවට පත්වුණා. මේ අතරින් රයිගම් ටෙලි සම්මාන පිරිනැමෙන්නේ විශිෂ්ටයින් 39 දෙනෙකු සදහායි.

ITN රූපවාහිනිය වෙනුවෙන් ගයාන් ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ පූකුලම ජනතාවගේ කදුලු කථාව පුවත් විශේෂාංගය මෙවර සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය වෙනුවෙන් නිර්දේශ වුණා.

වසරේ විශිෂ්ටතම සගරාමය වැඩසටහන සදහා නිර්දේශ වුණේ ITN වෙනුවෙන් දුෂාන්ත දර්ශන ඉදිරිපත් කළ කලාබර වැඩසටහනයි.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සම්මානය සදහා ITN ප්‍රවෘත්ති නිවේදකයින් දෙදෙනෙකු නිර්දේශවී තිබීම විශේෂත්වයක්. ඒ චරිත ධනංජය බමුණුහේන්ද්‍ර හා ශ්‍රීහාන් කණිෂ්ක ආරියසිංහයි.

චරිත ධනංජය බමුණුහේන්ද්‍ර වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේෂක සම්මානය සදහා ද නිර්දේශවී තිබෙනවා.

ITN ප්‍රවෘත්ති නිවේදිකා නිශාන්ති දිල්රුක්ෂි මෙවර සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG