
මහරගම පොලිස් වසමේදී රුපියල් කෝටි 700ක් වටිනා දියමන්ති හා මැණික් කොල්ලකෑමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් කෝටි 700ක් වටිනා දියමන්ති හා මැණික් කොල්ලකෑම සිදුවූයේ පසුගිය වසරේ නොවැම්බර් 5 වනදායි. මේ සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය දින කිහිපයත් තිස්සේ විමර්ශන ආරම්භ කළා. ඒ අනුව දියමන්ති හා මැණික් රටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් දෙදෙනෙකු පිළියන්දල මාවැල්ල ප්‍රදේශයේදී අද(01) අත්අඩංගුවට ගත්තා.
ඔවුන්ගෙන් එක් අයෙකුගේ සොහොයුරෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු බව ද හෙළිවී තිබෙනවා.
Post a Comment