
පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් පිළිගැනීම සදහා දේශසීමාවට විශාල පිරිසක් එක්ව සිටිනවා.
ඔහු අද(01) දිනයේදී නිදහස් කරන බවටයි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළේ. ගුවන් නියමුවා පිළිගැනීම සදහා ජනතාව කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ගුවන් යානයක් මගින් නියමුවා සිය රටට ගෙන්වා ගන්නා බව ඉන්දියාව ප‍්‍රකාශ කළා. එභෙත් ඊට පාකිස්ථානය නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැහැ.
දේශසීමාවට හමුදා රථ මගින් නියමුවා ගෙනඒමට පාකිස්ථානය සුදානම් බව විදෙස් වාර්තා පවසනවා. නියමුවා පිළිගැනීමේ අවස්ථාවට ඔහුගේ දෙමාපියන් ද සහභාගිවීම විශේෂත්වයක්. පාකිස්ථාන ගුවන් සීමාවට ඇතුලුවීම හේතුවෙන් යානය වෙඩි තබා විනාශ කිරිමට එරට ගුවන් හමුදාව කටයුතු කළා. දිවි බේරාගත් නියමුවා දින කිහිපයක් පාකිස්ථාන අත්අඩංගුවේ පසුවුණා. ඔහු නිදහස් කරන ලෙස ඉන්දියාව කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වන බවයි පාකිස්ථානය පසුව සදහන් කළේ.

Post a Comment