
වතු කම්කරු ජනතාවට හිමිවිය යුතු සියලු ප්‍රතිලාභ රජය ඉදිරියේදී ලබා දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර කුණ්ඩසාලේ අඹකොටේවත්ත ප්‍රදේශයේ ඉදිකළ සංහිඳි ග්‍රාමම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 172 වන ආදර්ශ ගම්මානය මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා. අංග සම්පූර්ණ නිවාස 26 කින් යුත් මෙම ගම්මානය සඳහා රුපියල් ලක්‍ෂ 283 ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල් 175 කට විසිරි නිවාස ණය, පවුල් 115 කට සොදුරු පියස නිවාස ණය ප්‍රදානය ඇතුලු තවත් සංවර්ධන කාර්යයන් රැසක් මෙහිදී සිදුකෙරුණා. අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුලු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment