Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් 200ක ඉදිකළ අංගසම්පූර්ණ කළ ව්‍යාපෘති 200ක් අද සිසු අයිතියට  

Add comments

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකළ අංගසම්පූර්ණ කළ ව්‍යාපෘති 200ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීම අද සිදු කෙරුනා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගුණ ණැන බල සපිරි දරු පරපුරක් දැයට දායාද කිරීම උදෙසායි අධ්‍යාපන අමාත්‍යාංශය ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ.  මෙහි ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා පිටියේදී පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍යවරයා අතින් පළමුවෙන්ම විවෘත කෙරුණේ කුලියාපිටිය ශාන්ත ජෝසප් විදුහලේ නව තුන්මහල් ගොඩනැගිල්ලයි.

කුළියාපිටිය සාරානාත් විදුහලේ අංගසම්පූර්ණ නව ශ්‍රවණාගාරය විවෘත කෙරුනේද අග්‍රාමාත්‍යවරයා අතින්. කුළියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජාතික අධ්‍යාපන පද්ධතියට දායාද කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අනතුරුව පැවති ප්‍රධාන උත්සව සභාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG