Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 36ක් ජීවිතක්ෂයට  

Add comments

සෝමාලියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය  පුද්ගලයින්ගේ ගණන  36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෝමාලියාවේ මොගඩිෂු නගරයේ සාප්පු සංකීර්ණ හා ආපනශාලා කිහිපයක්  ඉලක්ක කර ගනිමින් ඊයේ මෙම ප්‍රහාරය එල්ල වුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලැබුවා. සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ  සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සෝමාලියා හමුදාව සහ ප්‍රහාරයෙන් අල්ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් ද සිදුවුණා.

එම ප්‍රහාරයේ වගකීම අල්ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම භාර ගත්තා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG