Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටේ සියලු දෙනාට එකහා සමානව සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතුයි  

Add comments

රටේ සියලු දෙනාට එකහා සමානව සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙඩිකෙයා 2019 ජාතික සුවසේවා ප්‍රදර්ශනයට එක්වෙමින්.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ දසවන වරටයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ සංවිධාන කර ඇති මෙම ප්‍රදර්ශනය හෙට (03) දිනය දක්වා පැවැත්වෙනවා. මෙම ප්‍රදර්ශනය සෞඛ්‍ය, වෛද්‍ය සංචාරක, ආයුර්වේද, සෞඛ්‍ය සේවා පිළිබද දැනුවත් කිරීම වෛද්‍ය උපකරණ ආදී අංශ ගණනාවකින් සමන්විතව පැවැත්වීම විශේෂත්වයක්. ප්‍රදර්ශන කුටි 220කට අධික සංඛ්‍යාවක් මෙහි පවතින අතර විදේශ නියෝජනයන් ද ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG