
පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමට පත් කර ඇති විශේෂ කමිටුව සුහුරුපායේ දී රැස්වුණා.
ගැටලුවලට විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච් එම් පී හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 5 වනදා පැවැත්වීමට නියමිතයි.
පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඬුවම් ආදී විවිධ වෘත්තීයමය හා රාජකාරිමය ගැටලු පිළිබදව විසදුම් ලබාදීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් අනුව පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් ඇතුළු තවත් නිලධාරීන් රැසක් මේ සදහා එක්වනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය යටතේයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.
Post a Comment