
වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ඉක්වද්‍යෝරයට පැමිණියා. එහිදි ඉක්වද්‍යෝර ජනාධිපති ලෙනින් මොනෙරෝ සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවකට ද එක් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ගුවයිඩෝ වෙනිසියුලා ජනාධිපතිවරයා ලෙසයි ලෝක ප‍්‍රජාවට තමන්ව හදුන්වා දෙන්නේ. ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඔහු ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බවට ද ප‍්‍රකාශ තිබෙනවා. සම්බන්ධතා ස්ථාවර කර ගැනිමේ අරමුණින් ජුවාන් ගුවයිඩෝ බ‍්‍රසීලය, ආර්ජන්ටිනාව, පැරගුවේ ඇතුළු රටවල් කිහිපයක නායකයන් සමඟ මේ වනවිටත් සාකච්ඡා පවත්වා අවසන්.
Post a Comment