Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට සිසුන්ට චීනයේ උසස් අධ්‍යාපන අවස්ථා  

Add comments

ශ්‍රීලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂූවාන් මහතා නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමත්‍ය රවුෆ් හකීම් මහතා හමු විය.

එහි දී ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය, ආර්ථික-සංස්කෘතික සබඳතා පිළිබඳ ව දීර්ඝ වශයෙන් අවධානය යොමු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරටෙහි අතර පවතින ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන්, අධ්‍යාපන හුවමාරු වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් වැඩි අවස්ථා ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම්, පානීය ජල ව්‍යාපෘති මෙන් ම අපජල කළමනාකරණ ව්‍යාපෘති ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ ලබාදෙන සහයෝගය තමන් ඇගයීමට ලක් කරන බැව් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන් ම උසස් අධ්‍යාපන අංශයේ ද චීනය විසින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහන් සම්බන්ධව ද ස්වකීය ස්තූතිය පල කළේ ය.වසර 2500ක ඉතිහාසයකට දිවයන චීන-ශ්‍රී ලංකා දීර්ඝ කාලීන මිත්‍රත්වය වඩා වර්ධනය කරගැනීම තම රටේ අපේක්ෂාව බැව් චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් මහතා මෙහි දී අවධාරණය කළේ ය. එමෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ වනවිට ලබාදෙන ශිෂ්‍යත්වවලට අමතරව වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, මෙන් ම ජීව විද්‍යාව යන ක්ෂේත්‍රයන් සඳහා වැඩි වශයෙන් උසස් අධ්‍යාපන අවස්ථා මෙරට සිසුන්ට ලබාදීමට ද අපේක්ෂා කරන බැව් චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාව සඳහා නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් කිහිප දෙනෙක් ද එක් වූහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG