
දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මියගියා. ඒ නාවලපිටිය ජයසුන්දර ප‍්‍රදේශයේදී.
ඔවුන් දෙදෙනා දුම්රියමාර්ගයේ ගමන් කරමින් සිටියදී කොටුව සිට ඇල්ල බලා ධාවනය වූ සීග‍්‍රගාමී දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය දෙදෙනාගේ වයස අවුරුදු 15 ක් සහ 16 ක්. ඔවුන් ඉඹුල්පිටිය සහ නාවලපිටිය- අලුත්ගම ප‍්‍රදේශවල පදිංචි කරුවන්. ගැහැණු ළමයා ජංගම දුරකථනය භාවිතකරමින් ගමන් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශකළේ.
පිරිමි ළමයා ඇය බේරාගැනීමට දුම්රියමාර්ගයෙන් ඉවතට තල්ලු කළ අවස්ථාවේ දෙදෙනා මෙහි ගැටී ඇති බව පොලිසිය සදහන් කළා.





Post a Comment