Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

107% ක වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවයට ලැබී තිබෙනවා  

Add comments

රජයේ සේවකයින් වෙනුවෙන් කටයුතු කළේ වත්මන් ආණ්ඩුව බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” භාෂා පරිවර්ථක සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් කර තිබෙනවා. වැටුප් ක්‍රමය සම්බන්ධ අවසන් තීරණය තවම ලැබී නෑ.ඉදිරි මාස කීපය තුළ මේ ගැටළුව විසඳන්න පුළුවන් වෙයි. විශ්‍රාම වැටුප් විෂමතාව 2015 දී විසඳුවා.වැටුප් වැඩිවීමේ දී විෂමතා එනවා. මේ අයවැයෙන් සියලු විශ්‍රම වැටුප් විෂමතව විසඳීමට මිලියන 12ක් වෙන් කර තිබෙනවා. දීමනා සෑම සේවකයට ලබාදෙනවා.

ආපදා තත්ත්වය නැති කර ගැනීම සඳහාදීර්ගකාලීන සැලැස්මක් තිබෙනවා. පරිපාලනයට අවශ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් සේවය අවශ්‍යයි.හමුදා සහාය අවශ්‍යයි. මේ රජය වැඩියෙන්ම රජයේ සේවකයන්ට සැලකූ ආණ්ඩුව.රජයේ සේවකය හකුලන්න යනවා කියනවා. සන්ධාන ආණ්ඩුව කාලයේ බඳවා ගැනීම් ප්‍රමාද කළා. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම 10,000ක් කරනවා කිව්වා.මේ වැටුප් වැඩි කිරීම මූලික වැටුපකට එකතු කළා. සියයට 107 වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවයට ලැබී තිබෙනවා.ආණ්ඩුව වැඩියෙන් සළකා ඇත්තේ රාජ්‍ය සේවකයාටයි.ආපදා රක්ෂණය ආරම්භ කළේ වත්මන් රජයයි.ගොවිතැන් හානිවලට මිලියන 5.3ක් ගෙව්වා. ආපදා සහන විශල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ “යැයි ද අමාත්‍යවරයා පැවසී ය

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG