
පේරු රාජ්‍යයේ බස් රථයක ගින්නකින් පුද්ගලයන් 20 දෙනෙකු මියගියා. තවත් දස දෙනෙකුට වැඩි පිරිසක් බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න හටගන්නා අවස්ථාවේ බස් රථයේ ගමන් කළ සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතව කිව නොහැකි බවයි සිවිල් ආරක්ෂක බලධාරින් සඳහන් කළේ. අනතුර සිදුවුණේ ලිමා අගනුවර ආශි‍්‍රත ප‍්‍රදේශයේදීයි.
කාර්මික දෝශයක් ගින්නට හේතු වන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ. එහෙත් මෙය ත‍්‍රස්ත කි‍්‍රයාවක් විය හැකි බවට ද මත පළව තිබෙනවා. ලිමා අගනුවර පොදු ප‍්‍රවාහන සේවයකදී සිදුවූ දරුණුතම ව්‍යවසනය මෙය බවයි පේරු මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Post a Comment