Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධිව මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයින් 5ක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවුණා.

කච්චතිව් දූපතට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයේ දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම පුද්ගලයින් වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලීමේ නිරතවී තිබෙනවා. ඒ ධීවර යාත්‍රා දෙකක් යොදාගනිමින්. ට්‍රොලර් යාත්‍රාවක්,  ඩිංගි යාත්‍රාවක්,  පිටත දහන යන්ත්‍රයක් සහ ධීවර දැලක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් ඩෙල්ෆ් පොලීසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG