Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය කොංග්‍රසයට සම්බන්ධ ෆේස්බුක් ගිණුම් 600 ක් ඉවතට  

Add comments

ඉන්දීය කොංග්‍රසයට සම්බන්ධ ෆේස් බුක් පිටු 600 ක් පමණ ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය තීරණය කර තිබෙනවා.

අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීම සදහායි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත්තේ. ඉවත් කර ඇති ෆේස් බුක් පිටුවල පැහැදිලි අනන්‍යතාවක් නොමැතිව තොරතුරු පළවී ඇති බවයි ෆේස්බුක් ආයතනය කියාසිටින්නේ.

ඉන්දියාවේ මහ මැතිවරණය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි. සති 5 ක කාලයක් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය අවසන් වන්නේ ලබන මස 19 වනදායි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පවතින රාජ්‍ය වන්නේ ද ඉන්දියාවයි. මිලියන 900 ක ජනතාවක් ඡන්දය භාවිත කිරීම සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG