Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිඹුලාගල රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මහියංගනය, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල, පැලෑටියාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කලුගල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයේ නතර කර තිබියදී සිරිපුර සිට කදුරුවෙල බලා ධාවනය වූ තවත් ලොරි රථයක් එහි ගැටී තිබෙනවා. ලොරි රථයේ ඉදිරිපස ගමන් කළ දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර පිටුපස ගමන් කළ දෙදෙනා තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරෙන් මියගිය පුද්ගලයින් දෙදෙනා කදුරුවෙල ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව පොලීසිය ප්‍රකාශ කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG