
ඇමරිකානු මහද්විපයේ පැරණිතම මානව පාසටහන හදුනාගැනීමට විද්‍යාඥ්‍යන් පිරිසක් සමත්වුණා. පැරණිතම පාසටහන හමුව ඇත්තේ චිලී රාජ්‍යයෙන්. වසර පහලොස් දහස් හයසියයක් පමණ පැරණි මානව පාසටහන පලමුවරට සොයාගෙන තිබෙන්නේ 2010 වර්ෂයේදී. ඒ චිලී විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කළ ගවේෂණයකින්. චිලී රාජ්‍යයේ දකුණුදිග ප‍්‍රදේශයේ තිබි හමුවු පාසටහන සම්බන්ධයෙන් වසර නවයක දීර්ඝ පරික්ෂණවලින් අනතුරුව එය ඇමරිකානු මහද්විපයේ ඇති පැරණිතම මානව පාසටහන ලෙසින් හදුනාගෙන තිබෙනවා.
එම පාසටහන සමීපයේ තිබි තවත් සත්ව අස්ථි කිහිපයක් ද හමුවුණා. ඒවා පුරාතන හස්තීන්ගේ අස්ථි ලෙසටයි හදුනාගෙන තිබෙන්නේ. මීට පෙර ඇමරිකාවෙන් හමුවු පැරණිතම මානව පාසටහන වසර දොලොස් දහසක් තරම් පැරණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් නවතම සොයාගැනීමත් සමග ඇමරිකා මානව ඉතිහාසය පිලිබඳ තවත් තොරතුරු රැසක් භෙළිකළ හැකි බවයි විද්‍යාඥ්ඥයන් පෙන්වා දෙන්නේ.
Post a Comment