
ශ‍්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන ගැඹුරු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වලකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවිමක් නිකුත් කළා.
ගැඹුරු මුහුදේ පැයට කිලෝමීටර 60 දක්වා වන සුලං සමඟ විටින්විට හමන පැයට කිලෝමීටර 70 ක් දක්වා වන ප‍්‍රහාරාත්මක සුලං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ගිනිකොන දෙසින් පවතින පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත්, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සදහන් කළේ.
කාලගුණ අවදානම සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබදව අවධානය යොමුකරන ලෙසත්, ජනක කුමාර මහතා මහජනතාව, ධීවර සහ නාවික ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
Post a Comment