
නල්ලතන්නිය පොලීසිය එම ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සන්නිවේදන උපකරණ සහ දුරස්ථ පාලක උපකරණ රැසක් සොයා ගැණුනා.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි මෙරට පුද්ගලයෙකු වශයෙන් හදුන්වා ගන්නා අයෙකුට අයත් මස්කෙළිය පික්වීව් වතුයායේ පිහිටි නිවසක තිබියදීයි මෙම උපකරණ සොයාගෙන තිබෙන්නේ.
වෝකිටෝකි උපකරණ 4 ක් දුරස්ථ පාලකයක් ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. එම වතුයායේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේ හැකියාව සහිත ස්ථානයක් ද පවතින බවයි පොලීසිය පවසන්නේ.
Post a Comment