
පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලැබූ විදේශිකයන්ගේ සුවදුක් බැලීමට මෙරටට පැමිණෙන ඔවුන්ගේ ඥාතින් වීසා ගාස්තුවලින් නිදහස් කිරිමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව විදේශිකයෙකු මෙරටට සංචාරක වීසා ලබාගැනීමේදී ගෙවිය යුතු ඩොලර් 40 ක මුදල ඔවුන්ගෙන් අයකර නොගන්නා බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
කෙසේවෙතත් විදේශිකයන් පැමිණි කාරණය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මෙම ගාස්තු සහනය ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.
Post a Comment