
දෙමෝදර රෝහල සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සියලු දෙනාගෙන් සමාව ගත යුතු බව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරනවා.
බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට බැණවැදීම හා දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයාගේ නිල නිවසට පහරදී අලාභහානි සිදු කිරීම හේතුවෙන් එහි රෝගීන් බදුල්ල රෝහලට මාරු කර තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ දිනයේ රෝහලෙන් ඉවත් වී මෙම රෝහල පොලිස් ආරක්ෂාව යටතට පත් කළා. ඇති වූ තත්ත්වය පිළිබද ඌව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා හමු වී පෙත්සමක් ද භාර දුන්නා. සුදුසු පියවර ගන්නේ නැත්නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි එම සංගමය සදහන් කරන්නේ.
Post a Comment