Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරාවිද්‍යා ව්‍යාපෘති නැරඹීමට අන්තර් ජාලයෙන් ප‍්‍රවේශපත්  

Add comments

සිය අධීක්ෂණය යටතේ පවතින පුරාවිද්‍යාත්මක ව්‍යාපෘති නැරඹිම සදහා අන්තර් ජාල ප‍්‍රවේශපත් ක‍්‍රමයක් හදුන්වාදුන් බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප‍්‍රකාශ කළා.

ඉන් දෙස් විදෙස් සංචාරකයන්ට කාර්යක්ෂමව නිත්‍යානුකුලය ප‍්‍රවේශපත් ලබාගැනීමේ හැකියාව හිමිවනවා. සංචාරකයන් සදහා ලබාදෙන පහසුකම් වැඩිදියුණු කිරීමේ ක‍්‍රමවේදය යටතේ මෙය ක‍්‍රියාත්මකයි. විදෙස් සංචාරකයන්ට තම මව් රටේදීම ප‍්‍රවේශපත් ඇණවුම් කිරිමටත්, මෙරටට පැමිණ කඩිනමින් එම ප‍්‍රවේශපත් ලබාගැනීමටත්, අවස්ථාව උදාවන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙන්නේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස සීගිරිය , අනුරාධපුරය සහ පොලොන්නරුව පුරාවිද්‍යා ස්ථාන ආශ‍්‍රිතව මෙය ක‍්‍රියාත්මක වනවා. ඉදිරියේදී අනෙකුත් සියලු පුරාවිද්‍යා ව්‍යාපෘති සදහා නව ක‍්‍රමය හදුන්වාදීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG