Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි  

Add comments

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

චිරාගත පිළිවෙත් අනුව නැකැත් සීට්ටුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යෑම ආදි කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG