
තුර්කිය රුසියාවෙන් මිලදී ගැනීමට නියමිත මිසයිල පද්ධතියක් සම්බන්ධයෙන් ඇමෙරිකාව අනතුරු අගවා තිබෙනවා.
රුසියානු එස්. හාරසීය වර්ගයේ ගුවන් යානා මිසයිල නාශක පද්ධතියයි තුර්කිය මිලදී ගැනීමට සැළසුම් කර තිබෙන්නේ. ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සදහන් කළේ මෙම මිසයිල පද්ධතිය මගින් ඇමෙරිකා ජෙට් යානාවල ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවයි.
තුර්කිය මෙම මිසයිල නාශක පද්ධතිය මිලදී ගන්නේ නම් තවදුරටත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරන්නේද යන්න සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් පැන නගින බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. තුර්කිය එයට ප්‍රතිචාර දක්වමින් සදහන් කරන්නේ මෙම ගිවිසුම මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි.
Post a Comment