
මාකදුරේ මධුෂ් නැමති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගත් තවත් පස් දෙනෙකු මෙරටට පිටුවහල් කෙරුණා. එලෙස පිටුවහල් කළ පස් දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණියා.
රංගන ශිල්පියෙකු වන රයන් හිලරි වැන්රූසන් ද ඒ අතර වන බව පොලීසිය පවසනවා. ඔවුන් යූ එල් 266 දරණ ගුවන් යානයෙන් අලුයම 5. 25 ට පමණ පැමිණ ඇති අතර ප්‍රශ්න කිරීම සදහා ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරගත් බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරන්නේ.
Post a Comment